දෙහිවල මුහුදු තිරයේදී කිඹුලෙකුගේ ප්‍රහාරයට ලක්වීමෙන් 57 හැවිරිදි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම පුද්ගලයා විසිතුරු මසුන් ඇල්ලීම සඳහා මුහුදේ පිහිනමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.
මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගත් පුද්ගලයින් ගණන ලක්ෂ 41 ඉක්මවාගොස් තිබෙනවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් මේ වන විට පැවැත්වෙනවා. ඉල්ලීම් 07 කට සෞඛ්‍ය බලධාරීන් මෙතෙක් විසදුම් ලබාදී නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දැන් පැවැත්වෙන විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණයක් ගන්නා බවයි එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ.
ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ සාෆිනගර් ගංඟා රක්ෂිත ප්‍රදේශයේ මහවැලි ගඟේ සංවේදී කලාපයක දැවැන්ත වැලි කැණිමේ ජාවාරමක් සිදු වෙමින් ඇතැයි පරිසරවේදීන් පවසනවා. ඔවුන් පවසන්නේ ඉකුත් දෙසැම්බර් මස අගභාගයේදී හෙක්ටයාර් 27 ක භූමි ප්‍රමාණයක වැලි කැණීම් සඳහා අවසර ලබා දී ඇති බවයි.
ඩොලර් නොමැති වීම හේතුවෙන් මෙරටට ගෑස් ලබාගැනීමට ද මේ වන විට බලපෑම් එල්ලවී තිබෙනවා. මේ හේතුවෙන් ඊයේ දිනයේ මෙරටට පැමිණි නෞකාවේ ගෑස් මෙටි්‍රක් ටොන් 3,600 ගොඩබෑම සිදුකළේ මුදල් පසුව ලබාදීමේ පදනම මත බවයි ලිට්‍රෝ සමාගම පැවසුවේ.
The fares charged for the transportation of school children will have be increased, stated the All Ceylon School Transport Association, speaking to media.
මේ වන විට වෙළඳ පොළේ බුලත් මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් බුලත් විටක මිලද ඉහල ගොස් ඇති බවයි නෙත් නිවුස් කළ සොයා බැලීමකදි හෙලි වුණේ. එහිදී අනාවරණ වුණේ රුපියල් 02ත් 03ත් මිලක පැවති බුලත් කොළයක මිල මේ වන විට රුපියල් 5ත් 8ත් අතර මිලකට වැඩි වී ඇති බවයි. ඒ හේතුවෙන් රුපියල් 50ක පැවති බුලත් විටක මිල 60ත් 80ත් අතර මිලක් දක්වා වැඩි වී තිබෙනවා.
සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණය අද සිට යළි වසා දැමෙනවා. ඒ, බොරතෙල් මිලදී ගැනීමේදී මතුව ඇති විදේශ විනිමය අර්බුදය හේතුවෙන්. මීට පෙර නොවැම්බර් 15 වනදා එම තෙල් පිරිපහදුව වසා දැමුණු අතර එය යළි විවෘත කෙරුණේ දෙසැම්බර් 07 වනදායි. බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පැවසුවේ ජනවාරි 26 හෝ 27 වනදා සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණය යළි විවෘත කිරීමට අපේක්ෂා කරන බවයි.
Page 295 of 732