Friday, February 06, 2026
Follow Us
දියවන්නා විරෝධතාවට ආ හමුදා බයික් ටීම් එකේ පැටලිල්ල

හමුදාපතිගෙන් පොලිසියට එරෙහිව පැමිණිල්ලක්

පාර්ලිමේන්තු සංකීර්ණය අසල මාර්ග බාධකයකදී ඊයේ ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් වහාම ස්වාධීන පරීක්ෂණයක් කරන ලෙස පොලිස්පතිවරයා දැනුම්දී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත.

මේ අතර යුද හමුදා මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඊයේ පස්වරුවේ යුද හමුදාවේ යතුරුපැදි ඒකකයේ සිව්දෙනෙකු පාර්ලිමේන්තු සංකී ර්ණය අසල මාර්ග බාධකයක් වෙත පැමිණි අවස්ථාවේ ඔවුන්ට සුදුසු නොවන ආකාරයෙන් හැසිරුණු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් සිදුකොට අදාළ නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන ලෙස යුද හමුදාපතිවරයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවය.

(Aruna)