ජාතික පාසැල් සඳහා වන විදුහල්පති පුරප්පාඩු පිරවීමේ සම්මුඛ පරීක්ෂණයේදී වත්මන් අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා විසින් සිදුකළ අත්තනෝමතික වැඩ කටයුතු සම්බන්ධයෙන් නෙත් නිවුස් විසින් පසුගිය කාල සීමාවේදී අනාවරණය කර සිටියා.
මෙහිදී කොළඹ විශාකා විද්‍යාලයේ විදුහල්පති තනතුරට අදාළව පැවති සම්මුඛ පරීක්ෂණයේදී අගතියට පාර්ශවය විසින් තමන්ට සිදුවූ ආසාධාරණය සම්බන්ධයෙන් නිත්‍යානුකුල පියවර ගැනීමට පියවර ගෙන තිබෙනවා.
මෙම සම්මුඛ පරීක්ෂණයේදී අගතියට පත් මිලාගිරිය, සාන්ත පාවුළු බාළිකා විදුහලේ විදුහල්පතිනිය ලෙස කටයුතු කරන සුමේධා ජයවීර මහත්මිය විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වන මහාචාර්ය කපිල සී. පෙරේරාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට අද දිනයේදී පියවර ගෙන තිබෙනවා.
(Neth)