Wednesday, July 09, 2025
Follow Us
ගාමිණි ලොකුගේ සහ රොෂාන් රණසිංහගේ නිවෙස් වලට ප්‍රහාරයක් : පිරිස් විසුරුවන්න පොලිසියෙන් කඳුළු ගෑස් ගසයි

හිටපු අමාත්‍යවරුන් වන ගාමිණි ලොකුගේ, කෙහෙළිය රඹුක්වැල්ල සහ රොෂාන් රණසිංහගේ නිවෙස් අසල ඊෙය් සවස සිට පැවති විරෝධතා විසුරුවා හැරීමට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ගාමිණි ලොකුගේ හිටපු අමාත්‍යවරයාගේ පිළියන්දල ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිට පැවති උද්ඝෝෂණයේ දී විරෝධතාකරුවන් විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව දැඩි විරෝධයක් එල්ල කරනු ලැබුවා.

මේ අතර මහනුවර පිහිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගේ නිවසේ ඉදිරිපිට ද ඊෙය් සවස විරෝධතාවයක් පැවතුනා. එහිදී විරෝධතාකරුවන් විසින් හිටපු අමාත්‍යවරයාගේ නිවස දෙසට ගමන් කිරීම වැළැක්විම සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර පිරිස විසුරුවා හැරීමට පියවර ගත් බවයි අප වාර්තාකරු පැවසුවේ.

හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ ගේ පොළොන්නරුවේ පිහිටි නිවස අසල ඊෙය් සවස පැවති විරෝධතාවයකට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබුණා. පසුව විරෝධතාකරුවන් විසින් හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවසට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කරනු ලැබූ අතර ඔහුගේ නිවසේ පිහිටි භුමියේ නතර කර තිබු වාහන කිහිපයකට ද හානිකර සිදුව ඇත.

(Neth)