Thursday, July 10, 2025
Follow Us
ජාතික ක්‍රීඩා සභාව ඉල්ලා අස්වෙයි

ජාතික ක්‍රීඩා සභාවේ නිලධාරීන් හදිසියේ ගත් තීරණය


මහේල ජයවර්ධන මහතාගේ සභාපතීත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා සභාවේ නිලධාරි මණ්ඩලය ඊයේ (05) ඉල්ලා අස් වී තිබේ.

එහි අවසන් රැස්වීම (04) රාත්‍රියේ ක්‍රීඩා අමාත්‍යංශයේදී පැවැත්වුණි.

ජාතික ක්‍රීඩා සභාවේ නිලධාරි මණ්ඩලයේ ඉල්ලා අස්වීම සාමුහික තීරණයක් ලෙස ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතාට දැනුම් දීමට එහිදී තීරණය වී තිබේ.

මේ වනවිට ක්‍රීඩා ඇමැතිවරයා ඉල්ලා අස්වී සිටින බැවින්, ජාතික ක්‍රීඩා සභාවේ වත්මන් නිලධාරී මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් ගැටලුවක් පැන නොනගින බව ක්‍රීඩා සභාවේ සාමාජිකයකු ලෙස මෙතෙක් කටයුතු කළ ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පැවසුවේය.

ඉදිරියේදී පත්වන නව ඇමැතිවරයාට ඒ සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීමේ අවස්ථාව හිමිවන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

(Aruna)