Thursday, July 10, 2025
Follow Us
කොටුවේ ජනාධිපති මන්දිරයේ සහ අරලියගහ මන්දිරයේ ආරක්ෂාව තර කරයි

කොටුව ජනාධිපති මන්දිරය සහ කොල්ලුපිටියේ අරලියගහ මන්දිරයේ ආරක්ෂාව දැඩි කර තිබෙනවා. ඒ අනුව ජනාධිපති මන්දිරයේ ආරක්ෂාව සඳහා සහකාර පොලිස් අධිකාරීවරුන් 09 දෙනෙකුගෙන් යුත් පොලිස් බලඇණියක් යෙදවීමටයි කටයුතු කර ඇත්තේ. අරලියගහ මන්දිරයේ ආරක්ෂාවට යොදවා ඇත්තේ සහකාර පොලිස් අධිකාරීවරුන් 05 දෙනෙකුගෙන් යුත් පොලිස් බලඇණියක්.

මේ අතර අරලියගහ මන්දිරය ඉදිරිපිට ඊයේ රාත්‍රිය වනතුරු විරෝධතාවක් පැවැත්වුණා. පොලීසිය පැවසුවේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය හා ඊට සම්බන්ධ පිරිස් විරෝධතාවයට එක්ව සිටි බවයි. පිරිසට පහර නොදෙන ලෙස අග්‍රාමාත්‍යවරයා ලබාදුන් උපදෙස් මත විරෝධතාව සාමකාමීව විසුරුවා හැරීමටයි පොලීසිය කටයුතු කර ඇත්තේ.

ඒ, කොළඹ දකුණු දිසාව භාර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී සිසිර පෙත්තතන්ත්‍රීගේ මෙහෙයවීම මතයි. විරෝධතාව සාමකාමීව විසුරුවා හැරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ගුවන් හමුදාවේද සහය පොලීසියට ලැබී තිබෙනවා. එහිදී කිසිදු මහජන දේපලකට හානියක් සිදුව නැහැ.

(Neth)