Friday, February 06, 2026
Follow Us
නීතිපති දෙපාර්තමේන්තුව වටලයි

නීතීඥවරුන් හිටි හැටියේ කල දේ


නීතීඥවරුන් පිරිසක් නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිටට පැමිණි විරෝධතාවයේ නියැලිනි.

පවතින ආර්ථික අර්බුදය හමුවේ වත්මන් පාලනයට ඉවත්වන ලෙසට බලකරමින් ඔවුන් මෙලෙස විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය ඉදිරිපිටින් ආරම්භ කරනු ලැබූ විරෝධතාවයේ නිරත වූ නීතීඥවරුන් නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිටට පැමිණ එම ස්ථානයේද විරෝධතාවයක නිරත විය.

නීතිපතිවරයා විසින් ඇතැම් විශේෂිත නඩු ඉල්ලා අස්කරගැනීමේ ක්‍රමවේදයට එහිදී නීතිපතිවරයා වෙත ඔවුන් සිය විරෝධය පළකරනු ලැබීය.

(Aruna)