Friday, February 06, 2026
Follow Us
දේශපාලන අවුල නිසා ඉන්ධන, ගෑස්, විදුලි ප්‍රශ්ණත් යටයයි

රට තුළ මතුව ඇති දේශපාලන අර්බුදය හේතුවෙන් මෙතෙක් පැවති ඉන්ධන, ගෑස්, විදුලිය මෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම වැනි දැවෙන ප්‍රශ්ණ පිළිබඳ කතාබහ අඩුවී තිබෙනවා. කතාබහ අඩු වුවද එම ප්‍රශ්ණ තවමත් අවසන් වී නැහැ. මෙම බොහෝ ප්‍රශ්ණවලට හේතුව වී ඇත්තේ ඩොලර් හිඟයයි. ඩොලර් හිඟයටද විසදුමක් ලැබී නැහැ.

පවතින අර්බුද හමුවේ බේකරි කර්මාන්තය ද මේ වන විට ඇත්තේ දැඩි අවදානම් තත්ත්වයකයි. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ තවත් මාසයක් ඇතුළත බේකරි වැසීයාමේ අවදානමක් මතුව ඇති බවයි.

එම සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන කියාසිටියේ ඩොලර් අර්බුදය මෙන්ම විදුලි කප්පාදුව හේතුවෙන් බේකරි කර්මාන්තය අවදානමේ හෙලා ඇති බවයි.

මේ අතර ඊයේ දිනයේද ඉන්ධන සහ ගෑස්, ලබා ගැනීමේ අරමුණින් බොහෝ ප්‍රදේශවල පෝල්ිම් දක්නට ලැබුණා. ඉන්ධන නැව් පැමිණියද ඉන්ධන පෝළිම් ද මෙතෙක් අවසන් වී නැහැ.

(Neth)