සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරඟාවලිය 3 ට බිංදුවක් ලෙස ජය ගැනීමට සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ, තවත් තරඟ දෙකක් ඉතිරිව තිබියදීයි.
* Some CEB officials feel move not practical
* PUCSL Chairman puts faith on assumption
සෞඛ්‍ය වෘත්තිය සමිති ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද 09 වන දිනටත් ක්‍රියාත්මකයි. සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සංගමයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් පවසන්නේ විෂය භාර අමාත්‍යවරයා සමඟ ඊයේ පැවති සාකච්ඡවේදී එකඟවූ කරුණු තම සංගමයට ලිඛිතව ලබාදෙනතුරු මෙම වර්ජනය අත්නොහරින බවයි.
පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවලින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නිදහස් වන ලකුණු පහළ වී ඇති බව නීති විශාරදයින් පවසයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙරටදී විසඳුමක් නොලැබුණහොත් ජාත්‍යන්තර සංවිධාන හරහා හෝ විසඳුමක් ලබාගැනීමට කටයුතු කරන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසනවා.
බොරතෙල් මෙට්ට්‍රික් ටොන් 90,000 ක් රැගත් තවත් නෞකාවක් ඉකුත් 14 වනදා මෙරටට පැමිණ තිබෙනවා. ඒ අනුව කිසිඳු ගැටළුවකින් තොරව සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු පවත්වාගෙන යා හැකි බවයි බලශක්ති අමාත්‍යාංශයේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළේ.
Page 274 of 732