අගෝස්තු මාසයේ සිට ලබන වසරේ මාර්තු දක්වා මෙරට පරිභෝජනයට අවශ්‍ය සහල් තොග පිටරටින් ආනයනය කිරීමට සිදුවනු ඇතැයි කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් පවසනවා. ඒ, රටට ප්‍රමාණවත් වී අස්වැන්නක් යල කන්නයේදීද නොලැබෙන තත්ත්වය හේතුවෙන්.
මහ කන්නයේ වී අස්වැන්න සියයට 50 ක මට්මකට අඩු වූ බවත් එළඹෙන යල කන්නයේදී සමස්ත වී අස්වැන්න ඊටත් වඩා අඩුවනු ඇති බවත් ගොවීන් පවසනවා.
එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා නෙත් නිවුස් වෙත කියාසිටියේ පවතින තත්ත්වය හේතුවෙන් අනිවාර්යයෙන්ම මාස 6 ත් 7 ත් අතර කාලයකට රටට අවශ්‍ය සහල් මෙටි්‍රක් ටොන් ලක්‍ෂ 10 ක් ආනයනය කිරීමට සිදුවන බවයි.
සහල් අර්බුදය උග්‍ර වුවහොත් ජනතාවගේ දෛනික ආහාර වේල් ප්‍රමාණය අඩු කිරීමට වුවද සිදුවිය හැකි බවයි මෙහිදි ප්‍රකාශ කෙරුණේ.
එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා සඳහන් කළේ ජනතාව මන්දපෝෂණයෙන් බේරා ගැනීමට විකල්ප ආහාර වෙත කඩිනමින් ඇතුළත් විය යුතු බවයි.
නෙත් නිවුස් ඊයේ අනාවරණ කළේ ප්‍රධාන දිස්ත්‍රික්ක 6කම යල කන්නයේ වී වගා ආරම්භ කිරිම පහළ මට්ටමක පවතින බවයි. සියයට 50 හේ සීමාව හෝ ඉක්මවා ගොස් තිබුණේ අම්පාර, අනුරාධපුර, කුරුණෑගල හා මොණරාගල යන දිස්ත්‍රික්කවල පමණයි.
නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමණාකරණ ඒකකයේ අධ්‍යක්‍ෂ ඉංජිනේරු ඩී.අබේසිරිවර්ධන පැවසුවේ තවත් සති දෙකක් තුළ යළ කන්නයේ වී වගා ආරම්භ නොකරන්නේ නම් එම කුඹුරුවල වෙනත් භෝග වගා කළයුතු බවයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවද මේ වනවිටත් වගා සංග්‍රාමයක් ආරම්භ කර තිබෙනවා.
Neth