බම්බලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර් එම් ආර් ප්‍රසන්න පානදුර කොට්ඨාශය වෙත ස්ථාන මාරුකර තිබෙනවා. ඒ, සාමාන්‍ය රාජකාරී සඳහායි. මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අනුමැතිය පරිදි වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථාන මාරු කිරීම සිදුකර තිබෙනවා.
සාමාන්‍ය ජනතාව දින ගණන් පෝලීම්වල රැදී සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පොලිස් ප්‍රවාහන කොට්ඨාශයට අයත් නාරාහේන්පිට පිරවුම්හලෙන් ඉන්ධන ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වී සිටි පිරිස් වෙත පහරදීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම මන්දගාමී බවට වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය චෝදනා කරනවා.
රට තුළ මේවනවිට ඖෂධ තොග සහ ශල්‍ය උපකරණවල දැඩි හිඟයක් පවතින බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසනවා. එම සංගමය පෙන්වා දෙන්නේ මේවනවිට රට තුළ අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළුව ඖෂධ ගණනාවක සහ දැඩි සත්කාර ඒකකවලට අවශ්‍ය ශල්‍ය උපකරණවල දැඩි හිඟයක් පවතින බවයි.
එල් ටී ටී ඊ ත්‍රස්තවාදය පරාජය කරමින් මුළුමහත් රට එක්සේසත් කර රණවිරුවන් අත්කර ගත් යුද ජයග්‍රහණයට අදට වසර 13 ක් සපිරෙනවා.
ප්‍රචණ්ඩත්වය නිර්මාණය කර එම ප්‍රචණ්ඩත්වය හරහා තමන්ට සිදුවූ හානි පියවීම වෙනුවෙන් මහජන මුදලින් වන්දි ලබාගැනීමට දේශපාලඥයින්ට කිසිසේත් ඉඩනොදිය යුතු බව පැෆරල් සංවිධානය පවසනවා.
තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක මිල යළිත් රුපියල් 35කින් ඉහළ දැමීමට මෙරටට තිරිඟු පිටි ආනයනය කරන සමාගමක් කටයුතු කර ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
Page 275 of 768