අදත් ගෑස් පෝලිමට යන්න එපා
අද (26) දිනයේත් ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් බෙදා හැරීමක් සිදු නොකරන බව ලිට්‍රෝ සමාගම නිවේදනය කරයි.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5, කිලෝග්‍රෑම් 5 සහ කිලෝග්‍රෑම් 2.3 වර්ගයේ සිලින්ඩර් ලබා ගැනීම සඳහා අද දිනයේ ද පෝලිම්වල නොසිටින ලෙස ලිට්‍රෝ සමාගම පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී.
24 සහ 25 යන දිනවලදී ද ගෑස් බෙදා හැරීමට නතර කිරීමට මොවුන් කටයුතු කළ අතර ඒ අනුව අද දිනයත් සමග දින 3ක් අඛණ්ඩව ගෑස් බෙදාහැරීමක් සිදු නොවනු ඇත.
Aruna