Saturday, December 27, 2025
Follow Us
දීමනා කැපුවාට වෛද්‍යවරුන් එරෙහි වෙයි

වැටුප ඉක්මවූ දීමනා කපා හැරීම හේතුවෙන් වෛද්‍යවරයෙකුට රුපියල් 30,000කට අධික මුදලක් අහිමි වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පැවසුවේ මේ හේතුවෙන් ඇතැම් වෛද්‍යවරුන් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයෙන් ඉවත් වී රට හැරයාමේ සූදානමක්ද ඇති බවයි.

වෛද්‍යවරුන්ට සිදුව ඇති ආසාධරණයට රජය කඩිනම් පියවර නොගත හොත් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ වැඩිදුරටත් පැවසුවේ.

(Neth)