ගෑස් මිලදී ගැනීම සඳහා අද දිනයේ ද පෝලිම්වල රැදී නොසිටින ලෙස ලිට්‍රෝ සමාගම පවසනවා. එම සමාගම පැවසුවේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා හැරීමක් අද දිනයේද සිදු නොවන බැවින් ජනතාවගෙන් මෙම ඉල්ලීම සිදුකරන බවයි එම සමාගම පැවසුවේ.
මේ අතර ගෑස් මෙට්ට්‍රික් ටොන් 7,500ක් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 6.5ක මුදලක් ගෙවූ බවද ලිට්‍රෝ සමාගම පැවසුවා. ඒ අතරින් ගෑස් මෙට්ට්‍රික් ටොන් 3,500ක් අඩංගු නෞකාවක් ලබන බ්‍රහස්පතින්දා මෙරටට පැමිණීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.
මේ අතර අද දිනයේ සෑම ඉන්ධන පිරවුම්හලකටම එක් ඉන්ධන බවුසරයක් හෝ ලබාදීමට සැලසුම් කර තිබෙන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එමෙන්ම ඊයේ රාත්‍රියේ ද ඉන්ධන නොමැතිවීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකම ඉන්ධන පෝලිම් දක්නට ලැබුණා.
ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සඳහන් කළේ ඉන්ධන පෝලිම් දිගු වීමට ප්‍රධානතම හේතුව වන්නේ නිසි කළමනාකරණයකින් තොරව ඉන්ධන බෙදාහැරීම බවයි.
(Neth)