Sunday, February 15, 2026
Follow Us
ලාෆ් ගෑස් වෙළදපොළට ?

ලාෆ් සමාගමෙන් ප්‍රකාශයක්


ඉදිරි දින හය ඇතුලත ගෑස් වෙළදපොලට නිකුත් කරන බව ලාෆ් සමාගම පවසනවා.

ණය වර ලිපි විවෘත කිරීම හැකි වීම මත ගෑස් වෙළදපොලට නිකුත් කිරීමට හැකිවන බවයි එම සමාගම පෙන්වා දෙන්නේ.

ඒ අනුව සිය පාරිභෝගිකයින් සදහා අවශ්‍ය ගෑස් විධිමත් ලෙස වෙළද පොලට නිකුත් කිරිමට කටයුතු කරන බව ලාෆ් සමාගම ප්‍රකාශ කළා.

පසුගිය කාලය පුරා වෙළඳපොලට ලාෆ් ගෑස් නිකුත් කිරිම සිදු නොවීම හේතුවෙන් එම පාරිභෝගිකයින් දැඩි දුෂ්කරතාවට පත්විය.

Aruna