බහුදින ධීවර යාත්‍රා හිමිකරුවන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්
දිනෙන් දින ඉහළ යන ඉන්ධන මිල හමුවේ තම රැකියාව කරගෙන යාමේ අසීරුතාවයක් පවතින බැවින් රජය ඉන්ධන සහනාධාරයක් ලබා නොදුනහොත් සමස්ත දිවයිනේම බහුදින යාත්‍රා හිමියන් ධීවර කටයුතු වලින් ඉවත් වීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමිකරුවන්ගේ සංගමය (25) දින පැවැත්වූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ.
සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමිකරුවන්ගේ සංගමයේ ලේකම් රුවන් පතිරණ,සභාපති ටිරෝන් පතිරණ සහ උප ලේකම් සුනිල් ප්‍රනාන්දු යන අය මෙම මාධ්‍ය හමුවට සහභාගී විය.
මෙම මාධ්‍ය හමුවට එක්වු ඔවුහු යෝජිත ඉන්ධන සූත්‍රයෙන් ද තමන්ට සාධාරණයක් ඉටු නොවන බවත් රටට ඩොලර් උත්පාදනය කිරීමට ඇති මෙවැනි ප්‍රධාන ක්ෂේත්‍ර කෙරෙහි රජයේ අවධානය යොමු නොකිරීම කනගාටුවට කරුණක් බවත් පවසා සිටියහ.එසේම ඔවුන් චෝදනා කර සිටියේ රටට ඩොලර් අහිමි වනවා සේම ලක්ෂ ගණනකට රැකියා අහිමි වීමේ තර්ජනයක් ද පවතින බවයි.
Aruna