Friday, December 26, 2025
Follow Us
අවම බස් ගාස්තුව රු. 35ක් කරන්නැයි ඉල්ලීමක්

බස් ගාස්තු 35 % කින් වැඩි කළ යුතුයි


ඉන්ධන මිල ඉහල යාමට සාපේක්ෂව බස් ගාස්තුව සියයට 35 ක ප්‍රතිශතයකින් ඉහල යා යුතු බව සමස්ථ ලංකා පුද්ගලික බස් සමාගම් සමිති සම්මේලනය පවසයි.

එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ රු. 27ක්ව පවතින අවම බස් ගාස්තුව රු. 35කින් වැඩි කළ යුතු බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අංජන ප්‍රියන්ජිත් මෙලෙස පැවසීය.

අවම බස් ගාස්තු අවම වශයෙන් රුපියල් 35 දක්වාවත් වැඩි කරන්න අවශ්‍යයි. ඒ වගේම අනෙකුත් ගාස්තු අවස්ථා සියයට 35ක ප්‍රතිශතයකින් වැඩි කරන්න ඕනේ. ජනතාවට මේක මොනයම් ආකාරයට බලපායි ද කියන්න අපි දන්නේ නෑ. මේක ජනතාවට දරාගන්න පුළුවන් වේවිද කියලා කියන්න අපි දන්නේ නෑ.

(Aruna)