Sunday, February 15, 2026
Follow Us
උග්‍ර ආහාර අර්බුදයක් ගැන රතු එළියක්

ඉදිරි සති දෙක තුළ භයානක අනතුර


යල කන්නයට අදාලව වැපිරීමේ හා බිම් සකස් කිරීමේ කටයුතු දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රමාද වී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඉදිරි සති දෙක තුළ යල කන්නයේ වගා කටයුතු අවසන් නොකළහොත් දැඩි ආහාර අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බව එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඩී. අබේසිරිවර්ධන මහතා පැවසුවේය.

මෙම අවස්ථාවේ වී වගා කිරීමට නොහැකි නම් විකල්ප වගාවන් වෙත යොමුවන්නැයි ද ඩී. අබේසිරිවර්ධන මහතා ගොවීන්ට දැනුම් දෙයි.

Aruna