Sunday, February 15, 2026
Follow Us
ඉන්ධන පිරවුම්හල් 40ක් වැසේ

ඉන්ධන ඇණවුම් සියල්ල අවලංගු කරයි


පිරවුම්හල් සේවකයන් බිය වද්දා පාරිභෝගිකයන් ඉන්ධන ලබාගැනීමට කටයුතු කිරීම හේතුවෙන් ‌ඊයේ (24) වන විට දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 40ක් වසා දමා ඇත.

ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පැවසුවේ මෙම පිරවුම්හල්වලට ඇණවුම් කළ ඉන්ධන තොග සියල්ලම නැවත අවලංගු කර ඇති බවයි.

එම සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න ‘අරුණ‘ට පැවසුවේ මෙවැනි ප්‍රචණ්ඩකාරී සිදුවීම් වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බවය. මේ වන විට ඉන්ධන පිරවුම්හල්වල කළමනාකරුවන්ට සහ සේවකයන්ට පහරදීම් පහක් වාර්තා වී ඇති බව ඔහු කියා සිටියේය.

ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය විධිමත්ව සිදු කිරීමට තවදුරටත් සහාය ලබා නොදෙන්නේනම් ඉදිරියේ දී වසා දැමෙන ඉන්ධන පිරවුම්හල් ගණන වැඩි විය හැකි බව ලේකම්වරයා පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ ඔහු මෙසේද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

‘‘ලංකාවේම පිරවුම්හල් එක්දහස් හාරසිය දෙකක් තියෙනවා. ඉස්සරහට මේකෙන් භාගයක්වත් වැහෙයි. මේ තත්ත්වය වර්ධනය වුණොත් අපි ජනතාවගෙන් දිගින් දිගටම ඉල්ලුවා කලහකාරී වෙන්න එපා කියලා. එහෙම වුණොත් වෙන්නේ තෙල් නැතුව අපහසුතාවට පත්වෙන එක විතරයි. අපිට තියෙන කනගාටුව මේ පුද්ගලයන් හමුදාවටත් පොලිසියටත් අවනත නොවී ප්‍රචණ්ඩකාරීව හැසිරෙන එක. අපි පිරවුම්හල් වැහුවොත් අසරණ වෙන්නේ පාරිභෝගිකයන්ම තමයි. අවස්ථා කිහිපයකදීම කිව්වා මේ වැඩේ නවත්වන්න කියලා. නමුත් මේ වෙද්දී එන්න එන්නම මේ තත්ත්වය දරුණු වෙනවා.’’

(Aruna)