Saturday, December 27, 2025
Follow Us
ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් මිලියන 2ක පරිත්‍යාගයක්

ළමා හා පිළිකා රෝහල් වල බෙහෙත් හිගයට පිළියම්


පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නගාසිටුවීම වෙනුවෙන් අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා සුවිශේෂී පරිත්‍යාගයක් සිදුකර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ප්‍රතිකාර සඳහා අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට ඩොලර් මිලියනයක් ද මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට ඩොලර් මිලියනයක මුදලක් ද පරිත්‍යාග කර තිබේ.

ඊයේ (24) දිනයේ රැස්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් මෙම පරිත්‍යාගය අනුමත කර ඇති බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ඒ අනුව එහි හදිසි අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් මෙලෙස පරිත්‍යාග කරන ලද අරමුදල් අදාළ ආයතනවල නිලධාරීන් වෙත කඩිනමින් ලබාදීමට නියමිතයි.

(Aruna)