Saturday, December 27, 2025
Follow Us
ඉන්ධන මිල යළි වැඩි කිරීමේ සූදානමක්

ඉන්ධන සැපයුම සීමා කරන්න හේතුව වෘත්තිය සමිතියක් හෙළිකරයි


ඉන්ධන සැපයුම තවදුරටත් සීමා කරන්නේ යළි මිළ ඉහල දැමීමේ අරමුණින් යැයි සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේගය පවසයි.

එම වෘත්තීය සමිතියේ කැදවුම්කරු ආනන්ද පාලිත කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ මෙරටට ගෙන්වා ඇති බොරතෙල් නෞකාවකට ප්‍රමාද ගාස්තු ලෙස අති විශාල මුදලක් ගෙවන බවයි.

29 වැනිදා මෙට්‍රික් ටොන් 40,000ක ඩීසල් නැවක් එනවා. වැස්ස නිසා දැන් ජලාශ පිරිලා. එහෙනම් මේ සීමා කරන්නේ අනිවාර්යයෙන්ම ඉතා කඩිනමින් යළි ඉන්ධන මිල වැඩිකරන්න.

දැන් පෝලිම් නැති කළ යුතුයි. පෝලිම් වලට අවශ්‍ය ඉන්ධන තියෙනවා. මේ තියාගෙන ඉන්නේ ඉන්ධන ගොඩගහගෙන තියලා, මිනිස්සු පාරෙ තියලා මිල වැඩිකරන්න.

Aruna