Sunday, February 15, 2026
Follow Us
ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ ලක්ෂ 10 කගේ රැකියා දැඩි අවධානමක

රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ මේ වන විටත් ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ ලක්ෂ 10 කගේ රැකියා දැඩි අවධානමකට ලක්ව ඇතැයි ශ්‍රී ලංකා එක්සත් ජාතික ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා. එහි සාමාජික පැවසුවේ මේ වන විටත් ක්‍රියාත්මක වෙමිනු තිබූ ව්‍යාපෘති 5,000 ක් පමණ ඇනහිට ඇති බවයි. එහි සේවය කළ ලක්ෂ 03 කට ආසන්න පිරිසකට දැනටමත් රැකියා අහිමිවී ඇති බව ඔහු පැවසුවා.

මෙම තත්ත්වය අඛණ්ඩව පැවතුණහොත් ඉදිරියේදී බැංකු ණය ගෙවීමට පවා නොහැකි තත්ත්වයක් මතුවන බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මේ අතර මෙරට සියලු රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල සභාපතිවරුන් හා ඉහළ කළමණාකාරිත්වයේ නිලධාරීන් සමඟ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ සාකච්ඡාවක් සිදුකර තිබෙනවා. මෙහිදි වැඩි අවධානයක් යොමුව ඇත්තේ වර්තාමාන ආර්ථික අර්බුදය හමුවේ මෙරට බැංකු පද්ධතිය මුහුණ දී ඇති ගැටලු පිළිබඳවයි. කොරෝනා සමයේ ණය ආපසු ගෙවීමට සමාගම් හා පුද්ගලයින්ට ලබාදුන් සහන කාලය නැවත දිර්ඝ කිරීමේ හැකියාව සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡාවී ඇති බවයි වාර්තා වන්නේ.

Neth