ඉන්ධන අර්බුදය හේතුවෙන් බහුදින ධීවර යාත්‍රාවලින් සියයට 80 ක් අද වනවිට ධීවර කර්මාන්තයෙන් ඉවත්වී ඇතැයි සමස්ත ලංකා පොදු ධීවර සංගමය පවසනවා.
එහි ජාතික සංවිධායක රත්න ගමගේ පැවසුවේ වයඹ තීරයේ සුළු පන්න ධීවරයින්ගෙන් සියයට 70 ක් පමණ ධීවර කර්මාන්තයෙන් ඉවත් වී ඇති බවයි. මේ හේතුවෙන් ඉදිරියේදී මාලු මිල ගණන් තවත් ඉහළ යා හැකි බව ඔහු පැවසුවා.
ඩීසල් මිල ඉහළයාම සහ වෙනත් ගැටළු හේතුවෙන් මේ වනවිට එක් බහුදින ධීවර යාත්‍රාවකට එක් මුහුදු ගමනක් නිමා කිරීමට රුපියල් ලක්‍ෂ 25කට ආසන්න මුදලක් වැය වන තත්ත්වයක් මතුව ඇති බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.
මේ වනවිට ද වෙළදපොලේ මාලු මිල ගණන් ඉහළ මට්ටමක පවතිනවා. කෙළවල්ලා සහ තලපත් වැනි මාලු වර්ග කිලෝවක මිල රුපියල් දෙදහසේ සීමාවද ඉක්මවා ගොස් තිබෙනවා. සෙසු මාලු වර්ගවල කිලෝවක මිලද රුපියල් දහසේ සීමාවට ආසන්නයි.
Neth