රට තුළ උද්ඝෝෂණ, විරෝධතා, හර්තාල්, පෙළපාලි කොතෙකුත් පැවතුණද විරෝධය දැක්වීමේ ඒ සියලු ක්‍රියාමාර්ග අභිබවා ලෝකයේම අවදානය හිමි වූ ගාලුමුවදොර ගෝඨා ගෝ ගම අරගලයට අදට දින 50 ක් සම්පූර්ණ වනවා. සැබෑ අරගලය කුමක් දැයි අරගලකරුවන් මේ දක්වාම සැමටම කියාදෙමින් ඇත්තේ සාමකාමිවයි.
ජනාධිපතිවරයාට සිය ධුරයෙන් ඉවත්වන ලෙස බලකිරීම ගාලුමුවදොර අරගලයේ ප්‍රධාන තේමාව වුණා. මෙම අරගලයට ලක්‍ෂ සංඛ්‍යාත පිරිස් එක්වූයේ කිසිදු පක්‍ෂ, පාට, ජාති, ආගම් භේද මෙන්ම ස්ත්‍රී පුරුෂ හා වයස් සීමාද අභිඹවා යමින්.
ඉකුත් අප්‍රේල් 9 වනදා සිට දිවා රාත්‍රී නොබලා අව්වැසිද නොතකා අරගලකරුවන් අදත්, 50 වන දිනටත් අරගලයේ නිරත වනවා. විටෙක මැර ප්‍රහාර මෙන්ම තර්ජන ගර්ජන එල්ල වුවද අරගලය නතර වූයේ නැහැ.
Neth