Sunday, February 15, 2026
Follow Us
කුකුළු මස් රැගෙන ඒමට ගිය දැරිය අතුරුදහන්

අද උදෑසන අටුලුගම කම්පාකළ අතුරුදන්වීම


අටුලුගම අල් ගස්සාලි මහා විද්‍යාලයේ 4 වන වසරේ ඉගෙනුම ලබන පාතිමා අයේෂා නමැති 09 හැවිරිදි දැරියක් අතුරුදන් වී ඇති බව පැමිණිල්ලක් ලැබී ඇති බව බණ්ඩාරගම පොලීසිය ප්‍රකාශ කර තිබේ.

සිව් දෙනකුගෙන් යුත් පවුලේ තුන්වැනියා වන ඇය (27) උදෑසන 10ට පමණ නිවසට කුකුළු මස් රැගෙන ඒම සඳහා නිවසේ සිට මීටර් 200ක් පමණ ඈතින් ඇති වෙළෙඳසැළට ගොස් තිබෙන අතර ඇය යළි නිවස වෙත නොපැමිණි බව ඇයගේ මව පවසයි.

දැරිය අදාළ වෙළෙඳසැළෙන් පිටව යන අයුරු අසළ තිබෙන CCTV කැමරාවක සටහන් වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Aruna