ජල සම්පාදන මණ්ඩලයෙන් ජනතාවට පණිවිඩයක්
ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට (27) පැය 8 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
එම මණ්ඩලය සදහන් කළේ බද්දේගම ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකෙරෙන බවයි.
ඒ අනුව අම්බලන්ගොඩ, බලපිටිය, බෙන්තොට, බටපොළ සහ ඇල්පිටිය යන ප්‍රදේශවලට පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇත.
එම කාලය තුළ හික්කඩුව ප්‍රදේශයේ ජල සැපයුම අඩු පීනයකින් ලැබෙන බව ජල සම්පාදන මණ්ඩලය වැඩි දුරටත් සදහන් කරයි.
Aruna