Sunday, February 15, 2026
Follow Us
අජිත් රෝහණට මාරුවීමක්

පොලිස් ලොක්කෝ කිහිපදෙනෙකුට ස්ථාන මාරු


ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිපදෙනෙකු ස්ථාන මාරු කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ඒ අනුව එම්.ඩී ආර්.එස්. දමින්ද දකුණු පළාතේ සිට නැගෙනහිරට, අජිත් රෝහණ අපරාධ සහ රථවාහන දිසාවේ සිට දකුණු පළාතට, එල්.කේ.ඩබ්ලිව්.කේ. සිල්වා නැගෙනහිර සිට අපරාධ සහ රථවාහන දිසාවටත් මාරු කර ඇත.

අවශ්‍යතාව මත අදාළ ස්ථාන මාරුවීම් මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආවරණ අනුමැතිය යටතේ සිදු කර තිබේ.

Aruna