Sunday, February 15, 2026
Follow Us
එළවළු වෙළෙඳුන්ගෙන් අනතුරු ඇඟවීමක්

ලබන මාසය අවසන් වනවිට බරපතළ එළවළු හිඟයක් ඇතිවන බව එළවළු වෙළෙඳුන් සහ ආර්ථික මධ්‍යස්ථාන නිලධාරීහු කියා සිටිති.

ඊයේ (26 වැනිදා ) දිනයේද ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු තොග ලැබී තිබුණේ සීමිත ප්‍රමාණයකි. ඉන්ධන මිල ඉහළ යෑම හේතුවෙන් ලොරි ආර්ථික මධ්‍යස්ථානවලට නොපැමිණීම නිසා එම මධ්‍යස්ථාන රැසක් පාළුවට ගොස් තිබුණි.

එමෙන්ම ගොවීහු ආර්ථික මධ්‍යස්ථානවලට සීමිත එළවළු ප්‍රමාණයක් පමණක් රැගෙන පැමිණියහ. මේ නිසා එළවළු තොග මිල ගණන්ද ඊයේ දිනයේදී ඉහළ ගොස් තිබිණි.

පතෝල කිලෝවක තොග මිල රුපියල් 300ක් දක්වා වැඩිවී තිබිණි. එමෙන්ම වියළි මිරිස් කිලෝවක තොග මිල රුපියල් 1600 ක් විය.

බෝංචි කිලෝවක තොග මිල රුපියල් 450ක් විය. මෙම තත්ත්වය මත එළවළු මිල ඉදිරි දිනවල තවත් ඉහළ යනු ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන නිලධාරීහු පවසති.

Aruna