ඉදිරියේදී දුම්රිය ගාස්තුද අනිවාර්යෙන්ම වැඩි කරන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අධිකාරී ගමනා ගමන රංජිත් පද්මලාල් පවසනවා.
බිත්තර මිල ඉහළ යාම හමුවේ බිත්තර ආහාරයට ගැනීමට නොහැකි නම් ඒ වෙනුවට කොස්ඇට 10 ක් ආහාරයට ගැනීමෙන් නිසි පෝෂ්‍ය පදාර්ථ ලබාගත හැකි රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි සභාපති දේවිකා කොඩිතුවක්කු නෙත් නිවුස් සමග සංවාදයකට එක්වෙමින් පැවසුවේ ගර්භණී මව්වරුන් මෙන්ම කුඩා දරුවන්ටද කොස් ඇට රුචි සේ පිළියල කර ගැනීමට හැකි බවයි.
යල කන්නයේ වගා කටයුතු සඳහා අවශ්‍ය යූරියා පොහොර තොග රැගත් නෞකාව ජුලි මස 06 වැනිදා මෙරටට ලඟා වන බව කෘෂිකර් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගිවෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා ඇතුළු 07 දෙනෙකු ලබන 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, එම පිරිස 22 කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ආනයනික සහල් සදහා ද ජූලි මස මුලදී පාලන මිලක් පනවන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා. දේශීය සහල් සඳහා පාලන මිලක් පනවා තිබුනද, ආනයනික සහල් සදහා මෙතෙක් පාලන මිලක් පනවා නැහැ.
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර සිව් වන එක්දින ක්‍රිකට් තරඟය අද පැවැත්වෙනවා. දිවා රාත්‍රී තරඟයක් වන මෙම තරඟයද පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීයි.
ජුනි 09 වනදා කඩාකප්පල්කාරී විදුලිය විසන්ධි කිරීමෙන් රටට රුපියල් මිලියන 300ක පමණ පාඩුවක් සිදුවූ බව බලශක්ති පර්යේෂක ආචාර්ය විදුර රළපනාව පවසනවා. නෙත් එෆ් එම් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසුවේ විදුලිබල පනත සම්මත කිරීමට ආණ්ඩුව ගත් තීරණයට එරෙහිව විදුලි ඉංජිනේරුවන් මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව සිදුකළ බවයි.
නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය පූර්ණ ධාරිතාවයෙන් යලි ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට මාස 05ක පමණ කාලයක් ගතවනු ඇතැයි වාර්තා වනවා. එම බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය ඉකුත් සෙනසුරාදා සිට අක්‍රිය කෙරුණේ අනිවාර්ය නඩත්තු කටයුතු සඳහායි. එය අවසන් වීමට දින 75ක පමණ කාලයක් ගත වනවා.
ගෑස් මෙට්ට්‍රික් ටොන් ලක්‍ෂය කඩිනමින් දිවයිනට ගෙන්වීමට කටයුතු කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි උසස් නිලධාරියෙකු නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ එම ගෑස් තොගය කොටස් වශයෙන් නෞකා කිහිපයක් යටතේ මෙරටට ගෙන්වීමට කටයුතු කරන බවයි. ඊට අදාළ සාකච්ඡා මේ වනවිටත් ආරම්භ කර ඇති බවද ඔහු සදහන් කළා.
Page 257 of 768