ටෝකන් ක්‍රමවේදය අසාර්ථකයි
ත්‍රිවිධ හමුදාව මේ වන විට ක්‍රියාත්මක කර ඇති ඉන්ධන ලබාගැනීමේ ‘ටෝකන්’ පත් නිකුත් කිරීමේ ක්‍රමවේදයට දැඩි විරෝධය පළකරන බවත් මෙම ‘ටෝකන්’ ක්‍රමය ඉතාමත් අසාර්ථක ක්‍රමයක් බවත් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න අද (27) පස්වරුවේ පැවසීය.
මෙම ‘ටෝකන්’ සැබෑ ඉන්ධන අවශ්‍යතාව ඇති ජනතාවට නොලැබෙන බව කී ඔහු පෝලිම්වල කාලය ගතකර ඉන්ධන ලබාගැනීමට පුරුද්දක් කරගත් පිරිසකට පමණක් ලැබෙන අවස්ථාවක් බව ද සඳහන් කළේය.
පෝලිම්වල ඉන්න පුද්ගලයන්ට කිසිඳු ක්‍රමවේදයකින් තොරව ‘ටෝකන්’ පතක් දුන් පසුව ඔවුන්ට තවත් පිරවුම්හලකට ගොස් ‘ටෝකන්’ පතක් ලබාගැනීමේ හැකියාව ඇති බවත් ඉන්ධන පිරවුම්හල්වල අනසක පතුවාගෙන සිටින මැර කණ්ඩායම් එම ‘ටෝකන්’ ලබාගනු ඇති බවත් ඔහු වැඩි දුරටත් කීය.
Aruna