Monday, February 16, 2026
Follow Us
කැලණියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට

කැළණිය පට්ටිය හන්දිය ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් තිස් දෙහැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. එලෙස මිය ගොස් ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්.

ඔහු සිය බිරිද හා වයස අවුරුදු 2 ක් වන දරුවා සමග යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී වෙනත් යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එම දරුවා ප්‍රතිකාර සදහා රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් තිබෙනවා. මාර්ගයේ ගමන් කළ කාන්තාවක් ද වෙඩි වැදී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Neth