දරුවන් මුහුණ දී සිටින මන්ද පෝෂණ තත්ත්වයෙන් ගැලව ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පස්වැදෑරුම් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කරවීම සම්බන්ධ නඩුවේ විත්තිකරුවන් වන යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් 09 දෙනා පෙර ඇප මතම මුදා හැරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඊයේ (23) නියම කළේය.
හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ලබාගෙන තිබූ ණය, විදේශ ණය ප්‍රමාණයට ඇතුළත් වී නොමැති බව අනාවරණ වී තිබෙනවා. ඒ, කෝප් කමිටුව හමුවේදීයි.
ඇතුල්කෝට්ටේ ඇතුලු ඒ අවට ප්‍රදේශ කිහිපයකට ලබන සෙනසුරාදා රාත්‍රී 10 සිට පැය 10ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
ජුනි 09 සහ 10 යන දිනවල පැවති විරෝධතා උද්ඝෝෂණ දෙකක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි 07 දෙනා අතරින් ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, එරංග ගුණසේකර සහ ධම්මික මුණසිංහ යන සිව්දෙනා ඇප මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝග කර තිබේ.
මහා පරිමාණ සහල් මෝල් හිමියන් පසුගිය දිනවල සහල් කිලෝවකින් රුපියල් 33 – 53 දක්වා අතිවිශාල අයථා ලාභයක් ලබමින් සිටි බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.
ඉදිරි සති තුන ඇතුළතදී රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවල බරපතල හිඟයක් නිර්මාණය වන බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ගිශාන්ත දසනායක මහතා පවසයි.
Page 256 of 768