Sunday, December 28, 2025
Follow Us
බස් ගාස්තු ඉහළට

ජුලි 1 සිට බස් ගාස්තු වැඩිවන හැටි මෙන්න


බස් ගාස්තු 30% කින් ඉහළ දැමීමට අද (27) ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදී තීරණය කළ බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලේකම් අන්ජන ප්‍රියන්ජිත් පවසයි.

ඒ් අනුව මේ වන විට රුපියල් 32 ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 40 ක් දක්වා ඉහළ දැමීමටද එහිදී තීරණය කර තිබේ.

මෙම බස් ගාස්තු සංශෝධනය ජුනි 30 වනදා ප්‍රකාශයට පත් කර ජුලි 1 වනදා සිට ක්‍රියාත්මක වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Aruna