අත්‍යවශ්‍ය සේවා සදහා ඉන්ධන තොග නිකුත් කරයි
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කොලොන්නාව තොග ගබඩාවෙන් ඉන්ධන නිකුත් කිරීම අද (28) පෙරවරුවේ සිට සම්පූර්ණයෙන් ම අත්හිටුවා තිබේ.
එහි උසස් නිලධාරියෙකු පැවසුවේ , මුතුරාජවෙල පර්යන්තයෙන් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන තොග නිකුත් කරන බව ය.
සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වලින් සාමාන්‍ය ජනතාවට ඉන්ධන නිකුත් කිරීම සම්පූර්ණයෙන් ම අත්හිටුවන ලෙස ද පිරවුම්හල් දැනුවත් කර තිබේ.
කෙසේ නමුත් , අද දිනයේදී ද සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසල දිගු වාහන පෝලිම් දක්නට ලැබිණි.
තවද IOC සමාගම පවසන්නේ සිය ඉන්ධන පිරවුම්හල් හරහා පෞද්ගලික වාහනවලට ද ඉන්ධන නිකුත් කරන බවය.
Aruna