Sunday, December 28, 2025
Follow Us
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය වසා දමයි

විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු මාර්ගගත ක්‍රමයට


ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ‍භෞතික අධ්‍යයන කටයුතු තාවකාලිකව නතර කිරීමට තීරණය කර ඇත.

අද (29) සිට නැවත දැනුම්දෙන තෙක් එම අධ්‍යයන කටයුතු නවතා දමන බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර ප්‍රකාශ කර තිබේ.

උපකුලපතිවරයා පැවසුවේ රටේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් එම තීරණය ගත් බවයි.

“පවතින මේ අර්බුදය නිසා, විශේෂයෙන්ම මේ පෙට්‍රල් අර්බුදය සැලකිල්ලට ගෙන ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සියලුම පීඨවල භෟතිකව විශ්වවිද්‍යාල භූමිය තුළ කෙරෙන අධ්‍යන කටයුතු තාවකාලිකව නතර කිරීමට තීරණය කළා. නමුත් දැනට කෙරෙන විදිහට දිගටම මාර්ග ගත අධ්‍යන කටයුතු ඒ විදිහට කරගෙන යනවා. ඉන්ධන අර්බුදය තමයි මෙතන දී ප්‍රධාන කොට සලකන්නේ. ඉන්ධන අර්බුදය සමතයකට පත්වුණ හැටියෙම හැකි ඉක්මනින් විශ්වවිද්‍යාල භූමියට ළමුන් කැඳවන්න බලාපොරොත්තු වෙනවා. කෙසේ වුණත් අවසන් වසරේ සිසුන්ගේ පර්යේෂණ කටයුතු දිගටම පවත්වාගෙන යනවා.”

Aruna