Monday, February 16, 2026
Follow Us
නිවෙස්වල දරු ප්‍රසූත සිද්ධි ඉහළ යයි

රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයෙන් දැනුම්දීමක්


ගත වූ දින කිහිපය තුළ දිවයින පුරා නිවෙස්වල දී දරුවන් ප්‍රසූත කිරීමේ සිද්ධීන්වල ඉහළ යෑමක් වාර්තා වන බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය ප්‍රකාශ කර තිබේ.

එහි සභාපතිනි දේවිකා කොඩිතුවක්කු ප්‍රකාශ කර සිටියේ ඉන්ධන අර්බුදය හමුවේ රෝහල් වෙත ළඟාවීමේ අපහසුතා මෙන්ම ආර්ථික දුෂ්කරතා හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි.

ඇය වැඩිදුරටත් පවසා සිටියේ පසුගිය දින දෙක තුළ නිකවැරටිය, පිටකෝට්ටේ සහ මෝදර ඇතුළු ප්‍රදේශ කිහිපයකින් එවැනි සිද්ධීන් වාර්තා වී ඇති අතර පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ සහාය සහිතව එම ප්‍රසූත කිරීම් සිදුව ඇති බැවින් දරුවන් සහ මව්වරුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි .

Aruna