Monday, February 16, 2026
Follow Us
සෞඛ්‍ය වෘත්තීය සමිති අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමේ සුදානමක

සිය ඉල්ලීම්වලට බලධාරීන් විසඳුම් ලබානොදෙන්නේ නම් අදින් ආරම්භ කරන දෙදින වෘත්තීය ක්‍රියාමාර්ගය ලබන සඳුදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරන බව අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ පවසනවා.

එහි සභාපති සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ද වන උපුල් රෝහණ පැවසුවේ ඉල්ලීම් 06 ක් මුල්කර ගනිමින් වෘත්තීය සමිති 08 ක් අද සහ හෙට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවයි.

වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වන වෘත්තීය සංගම් පිළිබඳව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

Neth