ඉදිරියේදී දුම්රිය ගමන්වාර අවලංගුවීම් හෝ ප්‍රමාදවීම් ඉහලයා හැකි බව දුම්රිය රියදුරන්ගේ සංගමය පවසනවා. එහි සභාපති නීතීඥ කේ ඒ යූ කොන්තසිංහ පැවසුවේ රාජකාරිවලට වාර්තා කිරීමේදී දුම්රිය රියදුරන්ට මුහුණ පෑමට සිදුවන අපහසුතා හේතුවෙන් මෙවැනි තත්ත්වයක් උද්ගතවනු ඇති බවයි.
ඉන්ධන මිල ඉහළ යාමත් සමග බත් පැකැට්ටුවක සහ අනෙකුත් ආහාරවල මිල සියයට 10 කින් ඉහළ දැමීමට ආපනශාලා හිමියන් තීරණය කර තිබෙනවා. එහි සභාපති අසේල සම්පත් සඳහන් කළේ ආහාර පිසීමට යොදා ගන්නා ආහාරද්‍රව්‍ය වල මිල ඉහළ යාම මෙලෙස බත් පැකැට්ටුවක හා අනෙකුත් ආහාරවල මිල ඉහළ දැමීමට හේතු වූ බවයි.
The three wheeler fare for the second kilometre has been increased to Rs. 90 from today, the All-Island Three-Wheeler Drivers' Union President Lalith Dharmasekera said.
තවදුරටත් ඉන්ධන පෝලිම්වල රැඳී සිටීම නිශ්ඵල ක්‍රියාවක් බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසයි.
ප්‍රදේශ රැසකට අද දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලටත් එළෙස වැසි ඇති විය හැකියි.
ඉන්ධන මිල ඉහළ යෑම සහ ජුලී මස 01 වෙනිදාට යෙදී ඇති ගාස්තු සංශෝධනයට අනුව හෙට සිට බස් ගාස්තු 35% කින් ද, අවම බස් ගාස්තුව රු.40ක් දක්වා ඉහළ දැමිය යුතු යැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය යෝජනා කර සිටිනවා.
ප්‍රමාණවත් ඉන්ධන තොග නොලැබීම හේතුවෙන් ඉන්ධන ප්‍රවාහනය මේවනවිට හතරෙන් තුනකින් අඩුවී ඇතැයි ටැංකි රථ රියදුරන් පවසනවා. ඔවුන් කියා සිටියේ සාමාන්‍ය දිනකදී ඉන්ධන බවුසර් 400 ත් 450 ත් අතර සංඛ්‍යාවක් ඉන්ධන බෙදාහැරීමට එක්වන බවයි. එහෙත් මේවනවිට ඉන්ධන බෙදාහැරීමට එක්ව සිටින්නේ බවුසර් රථ 100 ත් 150 ත් අතර සංඛ්‍යාවක් බවයි සමස්ථ ලංකා පෞද්ගලික ටැංකි රථ රියදුරන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා පැවසුවේ.
Page 255 of 768