Sunday, December 28, 2025
Follow Us
‌ලේ පරීක්ෂණ මිල තුන් ගුණයකින් ඉහළට

රෝගීන් ලේ පරීක්ෂණ මගහරී


රුධිර පරීක්ෂණ සඳහා අය කරන මුදල තුන් ගුණයකින් පමණ ඉහළ යෑම හේතුවෙන් වෛද්‍යවරු නිර්දේශ කළත් බෝ නොවන රෝගවලින් පෙළෙන රෝගීන් රුධිර පරීක්ෂණ සිදුකර ගැනීමට දක්වන උනන්දුව අඩුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

සම්පූර්ණ රුධිර පරීක්ෂණයක් (FBC)සඳහා අය කළ රුපියල් 250.00 ක මුදල මේවන විට රුපියල් 600 ත් 700 ත් අතර අගයක් දක්වා ඉහළ දැමීමට පෞද්ගලික රසායනාගාර මේ වනවිට පියවර ගෙන තිබේ.

විශේෂයෙන් ඩෙංගු වෛරසය ආසාදනය වී තිබේදැයි හඳුනා ගැනීම සඳහා අදාළ රුධිර පරීක්ෂණය වෛද්‍යවරයකු විසින් නිර්දේශ කර තිබෙන්නේ නම් ප්‍රමාද නොකර එය සිදුකර ගන්නා ලෙස මහනුවර නාගරික ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි පසන් ජයසිංහ ඉල්ලීමක් කරයි.

ඩෙංගු වයිරස් ආසාදිත පුද්ගලයකු රුධිර පරීක්ෂණ වාර්තා ලබා ගැනීම හිතාමතා ප්‍රමාද කිරීම තුළින් රෝගියා අසාධ්‍ය තත්ත්වයට පත්වීමේ වැඩි ඉඩක් තිබෙන බවත් එවැනි තත්ත්වයකට පත්ව රෝහල් තුළදී දැඩි සත්කාර ලබා දීමට සිදු වුවහොත් ඖෂධ හිඟයේ අයහපත් බලපෑම් එල්ලවීමේ වැඩි අවදානමක් තිබෙන බවත් ඔහු කීය.

Aruna