Saturday, April 04, 2026
Follow Us
ප්‍රධාන ගේට්ටු පෙරළා රැදවියන් 600ක් පලා යයි

පුනුරුත්තාපනේ හිටි රැදවියකු මිය ගිය පසු උණුසුම් තත්ත්වයක්


පොළොන්නරුව , කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටි රැඳවියන් 600ක් පමණ ඉන් පළා ගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පැවසුවේ මධ්‍යස්ථානයේ රඳවා සිටි රැඳවියෙකු මියයාමේ සිද්ධියක් මුල් කර ගනිමින් පිරිසක් පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ කලහකාරී ලෙස හැසිරී ඇති බවයි.

ඊයේ (28) රාත්‍රීයේ සිට මෙම නොසන්සුන් තත්ත්වය හටගෙන ඇති අතර අද (29) උදෑසන 08.00ට පමණ මධ්‍යස්ථානයේ රැඳවියන් එහි ප්‍රධාන ගේට්ටු දෙක කඩා බිඳ දමා පළා ගොස් ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ , පොලීසිය සහ යුද හමුදාව එක්ව පළා ගිය පිරිස් අත්අඩංගුවට ගැනීමට මේ වනවිට මෙහෙයුමක් ආරම්භ කර ඇති බවය.

Aruna