Sunday, December 28, 2025
Follow Us
මෙරට සිදුවන අනතුරුවලින් වසරකට පුද්ගලයින් 12,000ක් ජිවිතක්ෂයට

මෙරට සිදුවන අනතුරුවලින් වසරකට පුද්ගලයින් 12,000 ක් මියයන බව පොලීසිය පවසනවා. රථවාහන, පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පැවසුවේ එලෙස අනතුරුවලින් මියයන සංඛ්‍යාවෙන් 3,000 ක් පමණ මිය යන්නේ මාර්ග අනතුරු හේතුවෙන් බවයි.

වැඩිහිටියන් බහුතරයක් අනතුරුවලට ලක්වන්නේ වැටීම් හේතුවෙන් බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ තරුණ, වැඩිහිටි හා ආබාධිත ඒකක අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ශිරෝමි මාදුවගේ පැවසුවේ.

2025 වසර වනවිට අනතුරුවලින් රෝහල්ගත වන සංඛ්‍යාව ලක්ෂ 15 කට අධික වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ අනතුරු වැළැක්වීම සහ කළමනාකරණය පිළිබඳ අංශ ප්‍රධාන ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග සඳහන් කළේ.

Neth