Monday, February 16, 2026
Follow Us
තැන තැන වෙඩි තැබීම්

චුටි පුතාගේ ගෝලයා මියයයි


කොලොන්නාව මංසන්ධියේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

මෙලස මියගොස් ඇත්තේ වයස අවුරුදු 42 ක් වන සංවිධාන අපරාධකරුවෙකු වන චුටි පුතා නැමැති පුද්ගලයාගේ ගෝලයෙකු බවටයි වාර්තා වන්නේ.

අදාළ ඝාතනය යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් සිදුකර ඇති අතර එහිදී වෙඩි තැබීම සඳහා රිවෝල්වරයයක් උපයෝගී කරගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඝාතනයට හේතුව මත්ද්‍රව්‍ය ජාවාරමක මත සිදුවූ ආරවුලක් බවට පොලිසිය සැක පල කරයි.

මේ අතර මොරටුව, කටුබැද්ද මංසන්ධියේදී ද (29) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වුණි.

යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන්ගේ ඉලක්කය වූයේ නවතා තිබූ වෑන් රථයක් තුළ සිටි පුද්ගලයින් දෙදෙනෙකි.

Aruna