සක්‍රිය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත්, දිවයිනේ දකුණු අර්ධයේත් සුළං තත්ත්වයේ වැඩිවීමක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පලාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
ඌව, නැගෙනහිර සහ උතුරු මැද පලාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු පලාත්වලත් විටින් විට පැයට කිලෝමීටර් 50 - 60 දක්වා වූ තරමක තද සුළං ඇතිවය හැකි බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
Neth