ගෑස් අර්බුදටය ලැබුණු විසදුම
ලිට්‍රෝ සමාගම ඔමාන් ට්‍රේඩින් සමාගමෙන් ලබා ගැනීමට නියමිත ගෑස් මෙට්‍රික් ටොන් 100000 පළමු ගෑස් නැව ජූලි 6 වනදා මෙරටට පැමිණි මට නියමිත බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් පවසයි.
එම නැවේ ගෑස් බෙදාහැරීමේ කටයුතු 7 වනදා සිට ආරම්භ කරන බවයි ඔහු සඳහන් කර තිබේ.
අනතුරුව ජූලි 10,13,15,14 සහ 22 යන දිනවල සිට අඛණ්ඩව ගෑස් නැව් මෙරටට පැමිණිමට නියමිතයි.
දැනට කිලෝ 12.5 ගෑස් සිලින්ඩයක් රුපියල් 4860ක් වන අතර එම මිල ඉදිරියේදී තවත් රුපියල් 200කින් පමණ ඉහළ යනු ඇති බව ද ලිට්‍රෝ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර අගෝස්තු 02 වැනිදා වන විට මෙරට ගෑස් පෝලිම් අවසන් වනු ඇති බවයි ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.
ජූලි මාසයේ පමණක් ගෑස් මෙට්‍රික් ටොන් 33,000ක් මෙරටට ආනයනය කිරීමට සැලසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත.
ලිට්‍රෝ සමාගම LP ගෑස් මෙට්‍රික් ටොන් 100,000ක් ලබාගැනීමට අද (30) ගිවිසුම් අත්සන් කරනු ලැබුහ.
මෙම ගෑස් මෙට්‍රික් ටොන් 100,000 තොගයේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 90ක් වන අතර ඒ සඳහා ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 70ක් සපයනු ලබන අතර ඉතිරි ඩොලර් මිලියන 20 සපයන්නේ ලිට්‍රෝ සමාගම විසිනි.
මෙම ගෑස් තොගය මාස හතරක පමණ කාලයක පරිභෝජනය සඳහා මෙරටට සෑහෙන බවට වාර්තා වෙයි.
ගැස් තොගයෙන් 70%ක් ගෘහස්ථ පාරිභෝගිකයන් වෙත ලබා දෙනු ඇති අතර ඉන් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩර මිලියන 5 ක්, කිලෝග්‍රෑම් 5 සිලින්ඩර මිලියන 1 ක් සහ කිලෝග්‍රෑම් 2.5 සිලින්ඩර මිලියන1 ක් ලබා ගැනීමට ඇස්තමේන්තු කර තිබේ.
ඉතිරි 30% වාණිජ භාවිතය සඳහා ලබා දීමට නියමිතයි.
තව ද, ඩොලර් මිලියන 20 ක වියදමින් ලිට්‍රෝ සමාගම විසින් ලබා ගන්නා ලද LPG ටොන් 33,000 ක මූලික තොගයක් ජූලි මස මුල් සතිය වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන අතර ඒ වහාම බෙදා හැරීම් කටයුතු කිරීමට නියමිතයි.
Aruna