Monday, February 16, 2026
Follow Us
සියලුම තෙල් ප්‍රවාහන රථ සේවයට කැඳවයි

IOC සමාගමෙන් දැනුම්දීමක්


ලංකා IOC සමාගමේ ඉන්ධන ප්‍රවාහන රථ සියල්ලටම සේවයට පැමිණෙන්නැයි දැනුම් දී තිබේ.

IOC සමාගම සතුව ටැංකි රථ 160 ක ප්‍රමාණයක් පවතින අතර මේ වන විට දිනකට රථ 75ත් 100 ත් අතර ප්‍රමාණයක් ධාවනය වන බව ලංකා ඉන්දියන් ඔයිල් , පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සභාපති කුසුම් සදනායක පැවසුවේය,

මේ අතර අද දින සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වෙත කිසිදු ඉන්ධන ප්‍රවාහන රථයක් ගමන් නොකර බව ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සමලේකම් ශාන්ත සිල්වා සඳහන් කළේ ය.

Aruna