වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ලබන මස 1 වැනිදා
ලබන මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි 30%කින් බස් ගාස්තු ඉහළ නැංවීමට අදාළ නිර්දේශ ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් ප්‍රවාහන අමාත්‍යවරයා වෙත අද දිනය තුළ යොමුකිරීමට නියමිතයි.
වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ලබන මස 1 වැනිදා සිදු කිරීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් සහ බස් සංගම් නියෝජිතයින්ගේ ද සහභාගීත්වයෙන්. මහාමාර්ග අමාත්‍යාංශයේ දී ඊයේ (28) පැවැත්වුණි.
එහිදී ඇතැම් බස් සංගම් 30%ක බස් ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව අසාධාරණ බවට ප්‍රකාශ කර තිබෙන අතර ඒ හේතුවෙන් ඇති වූ මතභේදාත්මක තත්ත්වය මත සාකච්ඡාවට සහභාගි වූ අමාත්‍යවරයා සහ බස් සංගම් කිහිපයක නියෝජිතයින් එම ස්ථානයෙන් නැගිට පිටවී ගොස් ඇත.
මේ අතර ලංගම බස් රථවලට අවශ්‍ය ටයර්, බැටරි ඇතුලු අමතර කොටස් හිඟවීම හේතුවෙන් පොදු මගී ප්‍රවාහනය ඇණහිටීමේ අවදානමක් පවතින බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ ප්‍රකාශ කර තිබේ.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කර සිටියේ පවතින ඉන්ධන අර්බුදය හමුවේ අද දිනයේ දිවයින පුරා ධාවනය වන්නේ සමස්ත පෞද්ගලික බස් රථ සංඛ්‍යාවෙන් 10%ක් පමණක් බවයි.
Aruna