Sunday, December 28, 2025
Follow Us
ඉන්ධන අර්බුදයෙන් සෞඛ්‍ය සේවයත් කඩා වැටීමේ අවධානමක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත් වුණා. ඒ, සිකුරාදා දිනයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා ඉන්ධන ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහායි.

ඉන්ධන නොලැබීම හේතුවෙන් බොහෝ රෝහල්වල වෛද්‍යවරුන් මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මේ වනවිට සේවයට වාර්තා කිරීමේදී ගැටළු රැසකට මුහුණපා ඇතැයි බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ.

බොහෝ වෛද්‍යවරුන් මෙන්ම සෙසු කාර්ය මණ්ඩල මේ වනවිට සේවයට වාර්තා කරනු ලබන්නේ පාපැදියෙන් හෝ පොදු මගී ප්‍රවාහන සේවාවලින්. එලෙස පැමිණ රෝගී සත්කාර සේවාවන් ලබාදීමට නොහැකි බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් හදිසි ප්‍රතිකාර සේවා පවත්වාගෙන යාමට වෛද්‍යවරුන් සහ සෙසු කාර්ය මණ්ඩලය මේ වනවිට දැඩි වෙහෙසක් දරණ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කළා.

එහෙත් ලබන සිකුරාදා දිනයේ වෛද්‍යවරුන්ට මෙන්ම සෙසු කාර්ය මණ්ඩලයට ඉන්ධන ලබානොදුනහොත් හදිසි ප්‍රතිකාර සේවාද බිද වැටෙනු ඇති බවටයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

Neth