Monday, February 16, 2026
Follow Us
පාසල් වෑන්රථ ගාස්තු අඩකින් අඩුකරන්නැයි මව්පියන් ඉල්ලයි

ඉන්ධන අර්බුදය හමුවේ පාසල් වසා තැබීම හේතුවෙන් පාසැල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථ හා බස් රථ ගාස්තු මුදල අඩු කරන්නැයි මව්පියන් ඉල්ලීමක් කරනවා.

ඉකුත් මැයි මාසයේ පාසල් පැවැත්වුණේ අඩු දින ගණනක්. එහෙත් එම මාසයට අදාල සම්පූණ ගාස්තුව මව්පියන් විසින් අදාල වෑන් හා බස්රථ වෙනුවෙන් ගෙවීමට සිදු වුණා. මෙම මාසයේද දින කිහිපයක් පමණක් පාසල් පැවැත්වූ පසුබිමක් තුල සම්පූර්ණ මුදල ලබා දෙන ලෙසට පාසල් වෑන් රථ රියදුරන් බල කරන බවයි මව්පියන පැවසුවේ. එහෙත් පවතින ආර්ථික අපහසුතා මැද මෙම මාසයට සම්පූර්ණ මුදල අය කිරීම අසාධාරණ බවද ඔවුන් පෙන්වා දෙනවා.

ඉන්ධන මිල ගණන් ඉහලයාම හමුවේ ඇතැම් පාසල් වෑන් රථ සහ බස් රථ රියදුරන් අසාධාරණ ලෙස ගාස්තු ඉහල දමන බවටද චෝදනා එල්ල වුණා. පාසල් ළමුන් ප්‍රවාහනය කරන එම රථ වාහන හා රියදුරන් නියාමනය කිරීමටද මෙතෙක් කිසිදු රජයක් මැදිහත් වී නැහැ.

ඉන්ධන මිල ගණන් ඉහල දැමූ විට බස් ගාස්තු ඉහල දැමීමට අදාල ආයතන මැදිහත් වනවාසේම පාසල් වෑන් රථ සහ බස්රථ සඳහා නිශ්චිත මුදලක් වැඩි කිරීමට බලධාරීන් මැදිහත් විය යුතු බව මව්පියන් පෙන්වා දෙනවා.

Neth