Sunday, December 28, 2025
Follow Us
කරත්තවල ගමන් යන්න නැවතත් අවස්ථාව

ඉන්ධන හිඟය හේතුවෙන් අඩාල වී ඇති ගමනාගමනයට විසඳුමක්


පවතින දැඩි ඉන්ධන හිඟය හේතුවෙන් අඩාල වී ඇති ගමනාගමනයට විසඳුමක් වශයෙන් යාපනය දිස්ත්‍රීක්කයේ අශ්ව සහ ගව කරත්ත ප්‍රවාහන සේවය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

අතීතයේ සිට ජනතාව කරත්ත මගින් සිය ගමනාගමන කටයුතු සපුරාගත් අතර තාක්ෂණික දියුණුවත් සමගින් යාන වාහන ආගමනයෙන් කරත්ත ප්‍රවාහනය අඩුවී ගිය අතර වත්මන් වාතාවරණය හමුවේ බොහෝ දෙනෙකු ප්‍රවාහන කටයුතු වෙනුවෙන් විකල්ප විසඳුම් සෙවීමට සිදුව ඇති හෙයින් එහිදී කරත්ත ප්‍රවාහනය නැවතත් කරළියට පැමිණ ඇත.

යාපනය දිස්ත්‍රීක්කයේ මේ වන විට නගර ප්‍රවාහනය වෙනුවෙන් අශ්වයින් යොදාගෙන කරත්ත සේවය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති අතර ඉදිරියේදී මෙම සේවාවට ඉහළ ඉල්ලුමක් හිමිවනු ඇති බවටද එහි හිමිකරුවන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

උතුරේ ජනතාව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ ඉදිරියේදී උතුරු පළාතේ බොහෝ ප්‍රදේශයන්හි ගවයින් යොදා මෙලෙස කරත්ත සේවය යළි ක්‍රියාත්මක වනු ඇති බවයි.

Aruna