විරෝධතාකරුවන් බලශක්ති ලේකම් හිර කරගනී
උද්ඝෝෂකයින් පිරිසක් විසින් කොල්ලුපිටියේ පිහිටි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණව ඔහුගේ මෝටර් රථය තුළ සිරකර ගෙන සිටින බව වාර්තා වෙයි.
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවකයින් පිරිසක් ඔහුව එසේ සිරකර ගෙන සිටින බව වාර්තා වේ.
සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් පෞද්ගලික අංශයට පවරන බවට අමාත්‍ය කාංචන විජේසේකර ඊයේ පැවසූ බවත් එහි සත්‍යතාව දැනගැනීමට ඔවුන් පැමිණි බවත් උද්ඝෝෂකයින් පවසයි.
නමුත් කැබිනට් රහස් හෙළිකිරීමට නොහැකි බවට අමාත්‍යාංශ ලේකම්වරයා උද්ඝෝෂකයින්ට දන්වා තිබුණු බවත් එබැවින් ඔහු අමාත්‍යාංශයෙන් එළියට යන විට ඔහුගේ වාහනය වටකරමින් උද්ඝෝෂකයින් ඔහුට එළියට යෑමට ඉඩදී නොමැති බව සඳහන් වෙයි.
වෘත්තීය සමිති සමග එකඟතාවයකින් තොරව පිරවුම්හල් සහ පිරිපහදුව පෞද්ගලිකකරණය සම්බන්ධයෙන් තීරණයක් නොගන්නා ලෙස බල කර ඛනිජ තෙල් සේවකයින් බලශක්ති අමාත්‍යාංශය වටකර විරෝධතාවක නිරතව සිටී.
Aruna